ජොන්සන්ගේ බලු පැටියා ඩවුනින් වීදියට එයි



බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය කැරී සිමොන්ඞ්ස්, ඔවුන්ගේ නිල සුරතලා ලෙස තෝරාගෙන ඇත්තේ ඩිලින් නමැති සති 15 ක් වයසැති ජැක් රසන් බලූ පැටවෙකි.

ඩිලින් බලූ සුරතලා බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන්ට හිමිවී ඇත්තේ, දකුණු වේල්සයේ ෆ‍්‍රන්ඞ්ස් ඔෆ් ඇනිමල්ස් වේල්ස් නමැති සතුන්ට පිහිටුවීමේ සංවිධානයක් මගින් යැයි පැවැසෙයි.

එම සංවිධානයේ සාමාජිකයන්, ලන්ඩන් අගනුවර අංක 10 ඩවුනින් වීදියේ පිහිටි බි‍්‍රතාන්‍ය අගමැති නිල නිවසට ‘ඩිලින්’ රැගෙන එද්දී ඊට පුළුල් මාධ්‍ය ආවරණයක් හිමිවිය.

අංක 10 ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ බළල් සුරතලෙකු ද වාසය කරයි. ලැරී නමැති මෙම බළලා හිටපු අගමැති ඬේවිඞ් කැමරන්ගේ මැදිහත්වීමෙන් අගමැති නිල නිවසේ රැකවරණය හිමිවූයේ 2007 වසරේ සිටය. අද වනවිට ලැරීගේ වයස අවුරුදු 12 කි.

ඬේවිඞ් කැමරන් අගමැති ධුරයෙන් සමුගෙන ගියත්, ඉන්පසු අගමැති ධුරයට පත් තෙරේසා මේ, ලැරී බළල් සුරතලා රැුක බලා ගත්තාය. බොරිස් ජොන්සන් අගමැති ධුරයට පත් වූයේ තෙරේසා මේට එම ධුරය අහිමි වීමෙන් පසුවය.

ඩවුනින් වීදියට පැමිණි අලූත් බලූ සුරතලා සහ බළල් සුරතලා ලැරී අතර ගැටුමක් ඇතිවේවි යැයි බියක් හටගත් නමුත් ඩවුනින් වීදියේ ප‍්‍රකාශකයකු මාධ්‍ය හමුවේ සහතික වී ඇත්තේ බළල් සුරතලා ලැරී, උගේ පාඩුවේ ජීවත් වන බැවින්, ලැරී සහ ඩිලින් අතර ගැටුම්කාරී තත්ත්වයක් උදා නොවනු ඇති බවය. ලැරීට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇතැයි අගමැති ජොන්සන් ද පවසා තිබේ.

ලන්ඩනයේදීය (ඬේලිමේල්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS