ජේම්ස් බොන්ඩ් නළු රොජර් මුවර් සමුගනී



ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුලේ ඥාතීහු නිවේදනය කරති.

පවුලේ ඥාතීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ "පිළිකාව සමඟ කෙටි සහ නිර්භීත සටනකින්" පසු ඔහු දිවියෙන් සමුගත් බවය.

මිය යන විට ඔහු 89වැනි වියේ පසුවිය.ස්විට්සර්ලන්තයේ දී මිය ගිය ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත මත මොනාකෝ රාජ්‍යෙය්දී සිදුකෙරෙන බව පවුලේ ඥාතීහු කියා සිටිති.

ජේම්ස් බොන්ඩ් වෘතාන්ත චිත්‍රපට මාලාවේ Live and Let Die සහ The Spy Who Loved Me ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය රඟ දක්වනු ලැබුවේ ශ්‍රීමත් රොජර් මුවර් විසිනි.

1962 වසරේ සිට1969 තෙක් විකාශය වුණු ‘ද සේන්ට්’  රූපවාහිනී කතාමාලාවට ද රොජර් මුවර් සම්බන්ධ විය. ඒ, සයිමන් ටෙම්ප්ලර්ගේ චරිතයට පණ දෙමිනි. එම චරිතය ද ජේම්ස් බොන්ඩ් සේම අතිශයින් ජනප්‍රිය විය.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරිනි


RECOMMEND POSTS