ජැකලීන් අනතුරක !



ජැකලීන් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදයේ අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මෙම මෝටර් රථය අනතුරකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝදයක රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය එම අසලට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී තිබෙනවා.

( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS