ගුවන් යානයේ විවාහවෙලා



චිලී සංචාරය අවසන් කරමින්, ශුද්ධෝත්තම පාප්තුමා සිය නිල ගුවන් යානයෙන් පේරු බලා පියාසර කරද්දී, ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජික යුවළක් විවාහ කරදීමට කටයුතු කළ බව ද වාර්තා වේ.

පාප්තුමාගේ මැදිහත් වීමෙන් විවාහ වූයේ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජික 41 හැවිරිදි කාලෝස් සියුෆරාඩි සහ සාමාජිකා 39 හැවිරිදි පෝලා පොඩෙස්ට් ය. මොවුන් දෙදෙනා චිලී ජාතිකයන් බව ද පැවැසෙයි.

මොවුන් 2010 වසරේ දී විවාහ ගිවිසගෙන ඇති නමුත් කතෝලික පල්ලිය ඉදිරියේ චාරිත්‍රාණුකූලව මංගල්‍ය උත්සවයක් පවත්වා නැත. ඊට හේතුව ඔවුන් විවාහ වෙද්දී පැවැති මහා භූමි කම්පාවය. එම භූමි කම්පාවෙන් චිලී වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු විය. මේ වනවිට කාලෝස් සහ පෝලා ට දරු දෙදෙනෙක් ද සිටිති.

බොහෙම සරලව යුවළ විවාහ වූයේ අඩි 36,000 ක් ඉහළ අහසේදීය. පාප්තුමා වෙනුවෙන් වෙන් කෙරෙන නිල ගුවන් යානයේ මෙවැනි මංගල උත්සවයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි වතිකානය පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS