ඛාන් ලා නැවතත් එකට !



අවුරුදු 21 කට පෙර නිර්මාණය වූ කරන් අර්ජුන් චිත‍්‍රපටියේ නව නිර්මාණය කරනු ලබන්නේ රිතික් රොෂාන්ගේ පියා රාකේෂ් රොෂාන් විසිනි. එහි ප‍්‍රධාන චරිත සඳහා තෝරාගෙන ඇත්තේ සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන්ය. ඒ වෙනුවෙන් තමා රාකේෂ් රොෂාන්ට මෙන්ම රිතික්ට ද ස්තූති වන්ත වන බැව් සල්මන් ඛාන් පවසයි.

රිතික් රොෂාන් සහ ශාරුක් ඛාන් සමග කරන් අර්ජුන් චිත‍්‍රපටියේ දර්ශන තලයේදී ගන්නා ලද සේයාරුවක් ද සල්මන් සිය ට්විටර් අඩවියට එක්කර තිබේ. ඒ අතරම මේ සුපිරි තරුව ජනවාරි 25 දා තිරගත වීමට නියමිත ශාරුක්ගේ රේඊස් චිත‍්‍රපටියට සහ රිතික්ගේ කාබිල් චිත‍්‍රපටිය වෙනුවෙන් සුබ පතන්නටත් සල්මන් එය අවස්ථාවක් කර ගෙන තිබිණි.

 


( තිළිණි ද සිල්වා )
ෆිල්ම්ෆෙයාර් වෙබ් අඩවිය ඇසුරෙනි....

 


RECOMMEND POSTS