කොරෝනා මඬින්න ආක්ෂේ මෝදිට සල්ලි දෙයි



ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

අදාල අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය සෙනසුරාදා දිනයේ හදුන්වාදෙනු ලැබුවේය. 

මේ වන විටත් ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

ඒ අනුව අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් එම අරමුදල සඳහා බැර කර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාගමුදල ලෙසයි සැලකෙයි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS