කේට් ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙයි



කේම්බි‍්‍රජ් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඞ්ල්ටන්, එංගලන්තයේ අතිශය ජනපි‍්‍රය ‘හැපී මාම්’ ගුවන් විදුලි වැඩසටහනට සජීවීව එක් වූවාය.

‘හැපී මාම්’ වැඩසටහන මෙහෙයවන්නේ නිවේදිකා ජියෝවානා ෆ්ලෙචර්ය. මවුවරුන් වෙනුවෙන් සහ මවුවරුන් මුහුණපාන අභියෝග මෙම වැඩසටහනේ දී සාකච්ඡ කෙරේ.

කේට් මිඞ්ල්ටන් තිදරු මවකි. තම ගැබිනි සමය සුන්දර එකක් නොවුණු බවත් උදෑසන ඔක්කාරය දැනෙද්දී, එය මඟහරවා ගැනීමට තමන් භාවනා කිරීමට පවා පෙළඹුණු බව කේට් සිය පසුගිය අත්දැකීම් විස්තර කළාය.

මනස පාලනය කර ගැනීමට හැකිවන්නේ නම්, ගැබිනි සමයේ කායික පීඩා විඳ දරා ගැනීම පහසුවක් බව ද කේට් පැවැසුවාය.

බි‍්‍රතාන්‍යයේ බොහෝ දෙනකු කේට් මිඞ්ල්ටන් සජීවීව සහභාගී වූ ‘හැපි මාම්’ ගුවන් විදුලි වැඩසටහනට සවන් දුන් බව පැවැසෙයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS