කුච් කුච් හෝතා හේ 20 වැනි සැමරුම



බොලිවුඩ් සිනමාවේ වාර්තා පිට වාර්තා තැබූ kuch Kuch Hota Hai චිත්‍රපටය තිරගත වී ඉකුත් සතියට වසර 20ක් ගත වූවා. විසිවැනි විය සැමරීම වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක  කරන් ජොහාර් , නළු නිලියන් වූ ෂාරුක් ඛාන් , කාජල් සහ රානි මුඛර්ජි ඇතුළු චිත්‍රපටයේ සියලු දෙනා සහභාගී වූ  විශේෂ උත්සවයක්ද ඉකුත්දා මුම්බායි හිදී පැවැත්වුනා.

බොලිවුඩ් සිනමාවේ විශේෂ සංධිස්ථාන සටහන් කළ චිත්‍රපට අතර ප්‍රධාන තැනක් ගන්නා කුච් කුච් හෝතාහේ චිත්‍රපටය 1998 වසරේ චිත්‍රපට රසවිඳි ඕනෑම අයෙකුට මේ චිත්‍රපටය ගැන අපූරු මිහිරි මතක රැසක් ඇතුවාට කිසිදු සැකයක් නැහැ. අන්ජලී සහ රාහුල්ගේ මිත්‍රත්වය, රාහුල් සහ ටීනාගේ ආදරය වගේම අන්ජලිගේ අප්‍රකාශිත ප්‍රේමයත් මේ චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙකුගේ හදවතේ සදාතනික මතයන් විදිහට පවතිනවා නිසැකයි.

ඒ උත්සවයට චිත්‍රපටයේ සියලුම ශිල්පින් ආරාධනා ලබා සිටියා. එදා වයස අවුරුදු 10ක දැරියක ලෙස රඟපෑ Sana Saeed අවුරුදු 30ක් පමණ තරුණියක් ලෙස උත්සවයට සහභාගී වීම විශේෂිතයි. සියල්ලෝම චිත්‍රපටය සම්බන්ධව තමාගේ මතක පිලිබඳ මේ උත්සවයේදී කතාබහ කළා.

1998 තිරගත වුනු මේ චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය කළේ Karan Johar විසින්. Shah ruk Khan , Kajol Mukarji සහ Rani Mukarji මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා. ශාරුක් සහ කාජල් එක්ව රඟපෑ හතරවන චිත්‍රපටය මෙය බවත් තොරතුරු වාර්තා වනවා. ඒ වගේම රාණි මුකර්ජි පළමු වරට ප්‍රේමාන්විත චරිතයක් නිරුපණය කලෙත් මේ චිත්‍රපටයෙන්. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17ක්. චිත්‍රපටයට සංගීත නිර්මාණය කලේ Jatin Lalit විසින්. මේ චිත්‍රපටයේ ගීත 08ක් ඇතුලත් වුනා. ඒ හැම ගීතයක්ම සිනමා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය වුනා. Kuch kuch hota hai, Saajani gar aye, Koi mil gaya, Ladki badi anjani hai, වැනි ගීත ඒ අතර ප්‍රධානයි.

1998 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තාගත වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබුනා. ඒ වගේම ඒ වසරේ Filmfare සම්මාන උළෙලේදී සම්මාන 08ක් දිනා ගැනීමට තවත් විවිධ සම්මාන හිමිකර ගැනීමටත් මේ නිර්මාණය සමත් වීම විශේෂත්වයක්. Karan Johar නම් අධ්‍යක්ෂවරයා සාර්ථක සිනමාකරුවෙක් ලෙස ඔහුගේ ගමන ආරම්භ කරන්නෙත් මේ චිත්‍රපටයෙන් පසුවයි. ඒ නිසාම මේ චිත්‍රපටය යුගයක විශේෂිත මතක සටහන් රැසක් සහිත නිර්මාණයක්.

දායක වුනු සියලු ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් 20 වැනි සංවත්සර සැමරුම ඉතා උණුසුම් විනෝදකාමී ලෙස පැවැත්වුණු බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS