කිරි පැණිවලට පෙම් බැඳි තානාපතිවරිය



තමා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය අතුරුපසක් වන කිරි පැණි වලට වඩාත් ඇලුම් කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකළ සටහනට සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.

කොළඹදී හෝටලටකදී කිරි පැණි අතුරුපසට ගත් පසු තානාපතිනිය සිය ට්විටර් සටහනේ මේසේ සදහන් කර ඇත.

"කිරි පැණි, එය ප්‍රණීතයි. ප්‍රබෝධමත්ව. රසවත්. ශ්‍රී ලාංකික අතුරුපසක් සදහා මීට වඩා හොද සංයෝජනයක් ගැන මට හිතා ගන්න බැහැ. ඊළඟ වතාවෙදි මා මේ අතුරුපස මැටි බදුනක දමා වෙනස රස විදිය හැකි දැයි බලන්නම්. මා වගේ කිරි සහ පැණි රස විදීමට කැමති කවුරු හරි ඉන්නවද ? ''

යනුවෙන් ඇය සදහන් කර සිටීන්නීය.

ඇයගේ එම ට්විටර් සටහනට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකිකයින් හා විදේශිකයින් යහපත් ප්‍රතිචාර දක්වා ඇත.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS