කිං ඛාන් ගේ අලුත්ම චිත්‍රපටයට රතුඑළියක් !



පසුගිය මාසයේදී එළිදැක්වුණු ශාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටයවන ‘රෙයීස්’ චිත්‍රපටය පකිස්තානයේ තහනම් කර ඇතැයි වාර්තා වේ.

මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ ද පකිස්තානයේ ජනප්‍රිය නිළියක් වන මහිරා ඛාන් ය. මේ ඇගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය පසුගිය ඉරිදා දින සිට පකිස්තානයේදී තිරගත වීමට නියමිත වූ නමුත්, ඉස්ලාම් ආගමට හානිකර දර්ශන තිබීම හා මුස්ලිම් ජාතිකයන් අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීම ඇතුළු කරුණු හේතුවෙන් එය පකිස්තානයේ තහනම් කිරීමට එරට බලධාරීන් පවසා තිබේ.

ඉන්දියාවේ ගුජරාටයේ මුස්ලිම් මාෆියා කල්ලියක නායකයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් අධිරාජ්‍යයක් ගොඩනඟා ගන්නා ආකාරය කතා තේමාව කර ගත් මෙම රායිස් චිත්‍රපටය ඉකුත් දෙසැම්බරයේදී තිරගත වීම ආරම්භ කෙරිණි. ෂාරුක් ඛාන් විසින් රායිස් අලම් නැමැති මාෆියා කල්ලි නායකයා ගේ චරිතය රඟ දක්වයි. 

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 

 


RECOMMEND POSTS