කන්යේ වෙස්ට් ට‍්‍රම්ප් හමුවෙලා



ජනපි‍්‍රය ඇමෙරිකා පොප් ගායක කන්යේ වෙස්ට් ධවල මන්දිරයේ  ඕවල් කාර්යාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවූයේය.

ගායක කන්යේ වෙස්ට් සහ ට‍්‍රම්ප් අතර මෙම හමුව පැවැත්වූයේ විශේෂ උත්සවයක් අවස්ථාවේදීය. ඒ, ඉදිරියේ දී පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණය මුල්කොට ගනිමිනි. මැතිවරණ රැළි සඳහා ජනතාව ආකර්ශණය කරගැනීමට ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනපි‍්‍රය ගායක ගායකයන්ගේත්, නළු නිළියන්ගේත් සහාය ලබා ගනී.

ජනාධිපති ට‍්‍රම්ප් සහ කන්යේ වෙස්ට් අතර හමුව විනාඩි 10 කට සීමා විය. එහිදී ට‍්‍රම්ප් ‘සුපිරි වීරයකු’ ලෙස වර්ණනා කිරීමට පොප් ගායකයා අමතක නොකළේය.

කන්යේ ට‍්‍රම්ප් වැළඳ ගනිමින් ඔහුට සුබ පැතුවේය. මෙම අවස්ථාවට ට‍්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ සැමියා ජෙරාඞ් ද සහභාගී වී සිටියහ. මොවුහු දෙදෙනා ට‍්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති. කන්යේ ට‍්‍රම්ප් දියණිය ඉවන්කා වැළඳ ගැනීමට ද අමතක නොකළාය.

පසුගිය කාලය පුරාවට ජනාධිපති ට‍්‍රම්ප්ගේ දේශපාලනික තීන්දු තීරණ කන්යේගේ පැසැසුමට හේතුවක් විය. යුද මානසිකත්වයකින් සිටි උතුරු කොරියාව සාම මාවතකට ගෙන ඒම සම්බන්ධයෙන් කන්යේ වෙස්ට් ජනාධිපති ට‍්‍රම්ප්ට ස්තුති කළේය.

කන්යේ වෙස්ට් යනු ලොව අතිශය ජනපි‍්‍රය සරාගී සිරුරකට හිමිකම් කියන රූපවාහිනී තාරකාවක වන කිම් කාඩෑෂියන්ගේ සැමියාය. කිම් කාඩෑෂියන් පසුගිය කාලයේ අවස්ථා දෙකකදී ධවල මන්දිරයට පැමිණ ජනාධිපති ට‍්‍රම්ප් හමුවී ඇත. ඒ, සිරදඬුවම් විඳිමින් සිටි ඇගේ මිත්තණියට සමාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

2016 වසරේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු නිව්යෝක් නුවරදී කන්යේ වෙස්ට් සහ ජනාධිපති ට‍්‍රම්ප් අතර මීට පෙර හමුවක් පැවැත්විණි. කෙසේ නමුත් කන්යේ වෙස්ට් ධවල මන්දිරයේ දී ට‍්‍රම්ප් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS