කත්‍රිනාට මයිකල් පෙල්ප්ස් හමුවෙලා



කත්‍රිනා කයිෆ් එසේ මෙසේ බොලිවුඞ් සුරූපිනයක් නොවෙයි. බොලිවුඞ් සුරූපිනියන් අතර සිටින මනා ශරීර සෞඛ්‍යයකින් හෙබි තැනැත්තිය ඇය බව පැවැසෙයි. දිනපතා ව්‍යායම කරමින්, නිරෝගී ආහාර රටාවකට යොමු වී, නියමිත පරිදි ජලය පානය කිරීම තමාගේ සුරූපීබවේ රහස යැයි කත්‍රිනා කියයි. 

පසුගිය දා ශාරීරික සුවතා මධ්‍යස්ථානයේ දී, ඇයට ඔලිම්පික් පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් මුණ ගැසුණි.

දෙදෙනා එක් වී, එකට ව්‍යායාම කරමින්, සුහද කතාබහක නියැලුණා පමණක් නොව, එම දසුන් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ විය.
එදා මෙදා ලොව කැපී පෙනෙන ඔලිම්පික් ශූරයා මට හමුවුණා යැයි කත්‍රිනා සමාජ ජාල ඔස්සේ සටහනක් තැබීමට ද අමතක නොකළාය.

සටහන සහ ඡායාරූප
ස්පොට්බෝයි ඇසුරිනි.


RECOMMEND POSTS