එලිසබත් මහ රැජිනට දැන් 91 යි



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අද (21) සිය 91 වැනි ඡන්ම දිනය සමරන්නීය.

ඒ නිමිත්තෙන් ලන්ඩන් නුවර ටවර් පාලමේත් හයිඞ් පාර්ක් උද්‍යානයේත් වෙඩි මුර ද පැවැත්විණි.ලොව වැඩිම කලක් රජ කිරුළක් දරා සිටින රාජකීයයා ලෙස සැලකෙන්නේ ද එලිසබත් මහ රැජිනය.

එලිසබත් මහ රැජින උපන්නේ එලිසබත් මේරි ඇලෙක්සැන්ඩ්‍රා යන නමින් 1926 වසරේ අප්‍රේල් 21 වැනිදාය. ඇය එක්සත් රාජධානියේ පමණක් නොව, කැනඩාවේ, ඕස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ ද රැජින වන්නීය. ඒ, 1952 වසරේ සිටය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS