උගන්ඩා ජනපතිට සපත්තු කුට්ටමක්



මීළඟ ගීත ඇල්බමයට අවශ්‍ය දසුන් රූගත කිරීමේ අරමුණින්, අපි‍්‍රකාවට අයත් උගන්ඩාවට පැමිණ සිටින, ජනපි‍්‍රය ඇමෙරිකන් පොප් ගායක කන්යේ වෙස්ට් සහ මුළු ලොවම වසඟයට ගත් ඔහුගේ බිරිඳ කිම් කාඩෑෂියන් උගන්ඩා ජනාධිපති හමුවී, ඔහුට ස්නීකර් සපත්තු කුට්ටමක් තෑගි කළහ.

තෑගි කරනු ලැබුවේ සුදු පැහැති වටිනා යේසී ස්නිකර්ස් සපත්තු කුට්ටමකි.

එය මහත් සතුටින් බාර ගත් උගන්ඩා ජනාධිපති යොවේරී මුසෙවීනි කියා සිටියේ කන්යේ සහ බිරිඳ කාඩෑෂියන් හමුවන්න ලැබීම තමන්ට සතුටක් කියාය.

කන්යේ වෙස්ට් සහ කිම් කාඩෑෂියන් දෙදෙනා කෙන්යා ජනාධිපතිවරයා හමුවූයේ ජනපති නිල නිවසේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS