ඇමෙරිකා රැප් ගායකයා මරුට



වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමෙන් ඇමෙරිකානු රැප් ගායකයෙකු වන මැක් මිලර් මියගොස්  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

2011 වර්ෂයේදී නිකුත් කළ ගීත ඇල්බමයකින් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අතර ඔහුගේ පෙම්වතිය ලෙස අමෙරිකානු ගායිකා ඇරියානා ග්‍රෑන්ඩේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ සත්‍ය නාමය මැල්කම් ජේම්ස් මැකෝමික් වන අතර මැක්මිලර් ලෙස අන්වර්ත නාමයෙන් රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

26 හැවිරිදි වියේ පසුවූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර  මිය යන විට අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

( තිළිණි ද සිල්වා )

ද සන් ඇසුරෙනි.


RECOMMEND POSTS