ආලියාට සුබ උපන් දිනයක්



බොලිවුඞ් සුරූපිනී ආලියා භාත්ගේ 24 වැනි උපන්දිනය අද (15) ට යෙදී ඇති අතර ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ ඇයට නන්දෙසින් සුබ පැතුම් ලැබුණු බවය.

‘හයිවේ’, ‘ෂාන්දාර්’, ‘කපූර් ඇන්ඞ් සන්ස්’, ‘උද්තා පන්ජාබ්’, ‘ඩියර් සින්දගී’ වැනි සිනමා නිර්මාණ හරහා අතිශයින් ජනප්‍රිය බොලිවුඞ් තරුවක් බවට පත්වුණු ආලියා, විචාරකයන්ගේ පැසැසුමට පමණක් නොව විවේචනයට ද ලක්වුණු යොවුන් නිළියකි.

ආලීයාගේ 24 වැනි උපන්දිනය නිමිත්තෙන් ඉන්දියන් එක්ස් ප්‍රෙස් වෙබ් අඩවිය ඇගේ කුඩා කළ ඡායාරූප කිහිපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

ආලියාගේ පියා සම්මානනීය බොලිවුඞ් සිනමාකරු මහේෂ් භාත් වන අතර ඇගේ අක්කණ්ඩිය 90 දශකයේ ජනප්‍රිය බොලිවුඞ් නිළි පූජා භාත්ය. ආලියාගේ මව සෝනි රස්ඩාන්ය.

ඉන්දීය පුවත් ඇසුරිනි

 

 


RECOMMEND POSTS