ආලියා හොලිවුඞ් යන්න සැරැසෙයි



බොලිවුඩය ජයගත් බොලිවුඞ් සුරූපිනී ආලියා බාත්, හොලිවුඩයට අවතීර්ණ වීමට සූදානම් වන බව ගල්ෆ් නිවුස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. අලියා බාත්, බොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාත් සහ නිළි සෝනි රස්ඩාන්ගේ දියණියයි.

ආලියාගේ පළමු බොලිවුඞ් සිනමා පටය ‘ස්ටුඩන්ට් ඔෆ් ද යර්’ චිත්‍රපටයයි. එය තිරගත වූයේ 2012 දීය. මේ වනවිට ආලියා බොලිවුඞ් සිනමා නිර්මාණ 15 කට දායක වී සිටින්නීය.

ආලියා බාත්, ‘ඩියර් සින්දගී’, ‘ටූ ස්ටේට්ස්’, ‘රාසි’, ‘ගුලිබෝයි’, ‘හයිවේ’ චිත්‍රපටවල දැක්වූ රංගනය බොලිවුඞ් සිනමා විචාරකයන්ගේ පැසැසුමට හේතුවක් වී තිබේ.

ආලියා සහ රන්වීර් සිං ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ගුලිබෝයි’ චිත්‍රපටය 2020 දී ඔස්කාර් සිනමා සම්මාන උලෙළට ඉදිරිපත් කෙරෙන විදෙස් චිත්‍රපට අතරට ද ඇතුළත් වී තිබේ.

ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇති අන්දමට ආලියා මේ වනවිට හොලිවුඩයට අවතීර්ණ වීමේ අරමුණින්, ඒජන්තවරයකු සොයමින් සිටී.

(ගල්ෆ් නිවුස්)


RECOMMEND POSTS