ආමීර් ඛාන්ට අවුරුදු 54 යි



අමීර් ඛාන් කියන්නේ සුන්දර නිර්මාණකරුවෙක්, අංගසම්පූර්ණ කලාකාරයෙක්. රඟපැවත්, අධ්‍යක්ෂනය කරත් , නිශ්පාදනය කරත් රූපවාහිනී කතා මාලාවක් කළත් මේ හැම එකකටම උපරිම දායකත්වය ලබා දෙනවා වගේම බොහෝ විට එහි ගුණාත්මක බවත් සලකා බලනවා.

බොහෝ විට අමීර් කරන නිර්මාණ සා‍ර්ථකයි වගේම එය සමාජයට වැඩදායි වෙලා තියනවා , ඒ වගේම ඒ සිනමා නිර්මාණ වලට ලොකු ඇගයීමක් ලැබුනා.

ඊයේ උදේ පාන්දර  අමීර්ට දොරේ ගලන්න බොලිවුඩ්  සුබ පැතුම් එක් වුනා.ඒ අතර මධුරි ඩික්සිත් , සහ සචින් තෙන්ඩුල්කාර් විශේෂයි 1965 දී මාර්තු 14 වැනිදා මුම්බායේ උපන් අමීර් වසර 30 ක සිනමා ජීවිතයේ චිත්‍රපට 42 ක පමනක් රඟපෑවත් Alltime Blockbuster 5 ක් හිමි එකම Bollywood නළුවා ඔහුයි

ක්ෂේත්‍රයේ වාර්තා 5 ක් හිමි එකම Bollywood නළුවාද ඔහුයි ,  හොඳම නළුවා , හොඳම සහය නළුවා , හොඳම නළුවා         (විචාරක) වගේම හොඳම අධ්‍යක්ෂණය යන හැම අශයෙන්ම සම්මන රැසක් දිනපු විෂිශ්ඨ කලාකරුවෙක්.

ඔස්කාර් ඇකඩමි සම්මාන උ⁣ළලේ හොදම විදේශ භාෂා චිත්‍රපටය  ඉංදියාවෙන් තෝරා යවන චිත්‍රපට අතරින් Bollywood වලින් වැඩියෙන්ම තෝරාගෙන ඇත්තේ ආමීර් ඛාන් රඟපෑ චිත්‍රපටයි , එම 5 න් හතරක ඔහු රඟපෑ අතර තුනක් ඔහු නිෂ්පාදනය කල චිත්‍රපටයි.

එමෙන්ම ඉංදියන් සිනමා ඉතිහාසයේ Oscar Nomination ලබාගෙන ඇත්තේ චිත්‍රපට 3 ක් පමනයි , ඉන් එකක් ආමීර් ඛාන් නිෂ්පාදනය කර ප්‍රධාන චරිතය නිරූපනය කල ලගාන් හින්දි චිත්‍රපටයයි

කතාමාලා  ගැන කතා කරොත් අනිත් ජනප්‍රිය නළු නිළියන් වගේම අමීර් ඛන් TV Seires එකක් ඉදිරිපත් කලා එය නමින් " Satymeva Jayate " , එයිනුත් අමීර් ඛාන් බලාපොරොත්තු වූයේ ඉංදිය ජනතාව මූන දෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබාදීමට හඬක් නැගීමටයි , එය අති සාර්ථක උනා , එම වැඩසටහන හරහා ළමා අපචාර , ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය , මත්ලෝලි භාවය ,  කුලහීනයන් , දේශපාලනය අපරාධකරණය වීම   යන විෂයන් ගැන වැඩිපුර අවධානයක් යොමු කෙරුනා , මෙයට විශාල NGO ආධාර පවා ලැබුනා , මෙය ඉංදියාවට අමතරව පිටටට පවා සාර්ථක වැඩසටහනක් උනා , චීන රජය හා මාධ්‍ය මගින් අමීර් ඛාන් " National Treasure Of India " නමින් නම් කෙරුනේ එම නිසයි.

ඉංදීය රජය විසින් සාමාන්‍ය පුරවැසියෙක්ට ලබාදෙන ඉහලම ගෞරව නාමයන් හතරෙන් දෙකක් පද්ම ශීු සහ පද්මන් භූෂන්  සම්මන දෙකම හිමි එකම ඛාන් නළුවා ඔහු වීමද විශේෂත්වයකි.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS