ආපසු පාසල් ගිය ෂාරුක්



බොලිවුඞ් රජු ෂාරුක් ඛාන්, පසුගිය දා ඔහු අධ්‍යාපනය ලැබූ දිල්ලියේ ශාන්ත කොලම්බියා පාසලට ගියේය.

ශාන්ත කොලොම්බියා පාසලේ කීර්තිමත් මෙන්ම වඩාත් ජනපි‍්‍රයතම ආදි සිසුවා වන්නේ ද ෂාරුක්ය. ශාන්ත කොලොම්බියා පාසල දිල්ලි අගනුවර මධ්‍යයේ පිහිටා ඇත. මෙය බාලක පාසලකි.

ෂාරුක් පාසලට ගෙන්වීම සිදුවී ඇත්තේ රහසේය. ඒ බව දැන සිටියේ ආදි ශිෂ්‍ය සංගමයේ කිහිප දෙනකු පමණක් සහ විදුහල්පති මෙන්ම සහෝදරතුමා ද වන ඊවී මිරේන්ද්‍ර යැයි පසුව හෙළි විය.

ෂාරුක්ගේ පැමිණීම පාසලේ සිසුන්ගේ පමණක් නොව ගුරුවරුන්ගේ ද ඉමහත් පුදුමයට හේතුවක් විය. නිහතමානී චරිතයක් වන ෂාරුක්, ඒ සැම සමඟ සෙල්ෆි ඡුායාරූපවලට පෙනී සිටීමට ද අමතක නොකළේය.

නවදිල්ලියේදීය (ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS