ආනොල්ඞ් ස්වාසනෙගර්ට පා පහරක්



දකුණු අපි‍්‍රකාවේ කී‍්‍රඩා උත්සවයකට සහභාගීවෙමින් සිටි සුපිරි හොලිවුඞ් නළු 71 හැවිරිදි ආනොල්ඞ් ස්වාසනෙගර්ට පා පහරක් එල්ල විය.

‘ආනෝල්ඞ් ස්පෝට්ස්’ නමින්, ආනෝල්ඞ් ස්වාසනෙගර්ගේ මැදිහත් වීමෙන් කී‍්‍රඩා උළෙලක් සෑම වසරකම මැයි මාසයේ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙයි.

කායවර්ධන තරග, ආත්මාරක්ෂක සටන් ආදිය පිරුණු කී‍්‍රඩා ඉසව් මෙහිදී පැවැත්වෙයි. වයස් සීමාවකින් තොරව කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ බොහෝ දෙනෙක් මෙම උළෙලට සහභාගී වෙති.

මෙවර 24,000 ක පිරිසක් සහභාගී වී සිටි අතර, ආනොල්ඞ්ට පා පහර එල්ල වූයේ ඔහු කී‍්‍රඩා උලෙළට සහභාගී වී, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු වන අයුරු නිරීක්ෂණය කරමින් සෙල්ෆි ඡුායාරූපවලට පෙනී සිටිද්දීය.

පිරිස අතරේ සිටින ගැටවරයෙක් ඉහළින් පිම්මක් පනිමින් පසුපස හරවාගෙන සිටින ආනෝල්ඞ්ගේ පිටට පහරක් එල්ල කරයි.

ගැටවරයා එම පහරත් සමඟ බිමට පතිත වන අතර ආරක්ෂක නිලධාරීන් සහ එහි සිටි සෙසු පිරිස ඔහු වහා මෙල්ල කර ගනී. පහරත් සමඟ ආනෝල්ඞ් පිරිස අතරින් අඩි කීපයක් දුරට විසිවෙයි.

ඉන්පසු සිදුවුණේ කුමක්දැයි මවිත වී ආනෝල්ඞ් පසුපස හැරී බලයි. ආනෝල්ඞ්ට පහර දුන් ගැටවරයා පොලිසියට බාරදීමට කි‍්‍රඩාගාරයේ සිටින පිරිස කටයුතු කර කළේ යැයි වාර්තා වේ.

‘සිදුවුණේ මොකක්දැයි මට වැටහුණේ නැහැ. මම හිතුවා පිරිස වැඩි නිසා මාව තල්ලූ වුණා කියලා. වැටහුණේ මොකක්ද වුණේ පසුව වීඩියෝ දසුන් නරඹද්දී. ඒක අවධානය දිනා ගන්න මෝඩයකු කළ මෝඩ වැඩක්’ යැයි ආනොල්ඞ් සිට ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වා ඇත. එපමණක් නොව, තමන්ට අනතුරක් වුණාදැයි ට්විටර් පණිවුඩ එවමින් විමසා බැලූ තම රසික රසිකාවියන්ට ස්තුති කිරීමට ද ආනෝල්ඞ් අමතක නොකළේය.

ගැටවරයා ඉහළට පනිමින් ආනෝල්ඞ්ගේ පිටට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ද ප‍්‍රසිද්ධියට පත් වී ඇත. අවධානය දිනා ගැනීමට තමන්ට පහර දුන් එම ගැටවරයාට එරෙහිව තමන් නීතිමය පියවරක් නොගන්නා බව ආනෝල්ඞ් පවසා ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS