ආනොල්ඞ් ප්‍රංශ ජනපති හමුවෙයි



සුපිරි හොලිවුඞ් නළුවකු මෙන්ම, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන ආනොල්ඞ් ස්වාසනගර් ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටින අතර ඔහු ද ඉලීසේ ජනපති මන්දිරයේ දී ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් හමුවූයේය.

69 හැවිරිදි ආනෝල්ඞ් ස්වාසගර්, කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී පවා, ගෝලීය උණුසුම ගැන අවධානය යොමු කළ අයෙකි.

දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යන බවත්, එයින් ලෝකවාසීන්ට සිදුවන අයහපත ගැනත් ඔහු සැවොම දැනුවත් කළ අයෙකි. වායු දූෂණයෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් ආනෝල්ඞ් නිරන්තරයෙන් සිය කනස්සල්ල පළ කර ඇත.

ගෝලීය විපර්යාස පිටුදැකීම සම්බන්ධයෙන් ප්‍රංශයේ මැදිහත්වීමෙන් රටවල් රැසක එකමුතුවෙන් ‘පැරිස් සම්මුතිය’ ඇති කර ගත් අතර ඉදිරියේ දී ලෝක නායකයෝ ගෝලීය උණුසුම අවම කිරීමට කැපවී කටයුතු කරන බව පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එය ආනෝල්ඞ්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
ඉලීසේ මාලියට පැමිණි ආනොල්ඞ්ට ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ජනපති මැක්රොන් සහ ආනෝල්ඞ් අතරේ ගෝලීය උණුසුම පිටුදැකීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්  සාකච්ඡා පැවැත්විණි.

මැක්රොන්ගේ වැඩිමල් බිරිඳට බොහෝ සේ සමිප වී, ඇය සමඟ සතුටු සාමීචියේ යෙදුණු ආනෝල්ඞ් ඇගේ කම්මුලට හාදුවක් ද දුන්නේය.

 


RECOMMEND POSTS