ආදරවන්තයින්ගේ දිනයට චිත්‍රපටයක්



සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන රන්වීර් සිං සහ ආලියා භාත් රඟන ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනට සමගාමීව එළිදැක්වීමට එහි නිෂ්පාදකයින් සුදානම් වෙති.

සෝයා අක්තර් අධ්‍යක්ෂණය කරන මෙහි රන්වීර් සිං පණපොවන්නේ හිප් හොප් ගායකයකුගේ චරිතයකටයි.රන්වීර් සහ ආලියා එකට රගන ප්‍රථම චිත්‍රපටයද මෙයෙ වේ.

මුම්බායි නුවර වීදි රැප් සංගීතඥයන්ගේ ජීවිතය පදනම් කරගත් ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය දා එළිදැක්විය.නලුවෙකු වීමට මත්තෙන් රන්වීර් සිං ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ රැප් ගායකයෙකු වශයෙන් කටයුතු කිරීම මෙම රංගනය පහසුවෙන් ඉදිරිපත් කිරීමට රන්වීර් පුලුවන් වී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග කියා සිටී.

( තිළිණි ද සිල්වා)

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS