අවුරුදු 56 දීත් ඩෙමී මෝර් නිරුවතින්



ඩෙමී මෝර් හොලිවුඩයේ සරාගිනියකි.

දැන් ඇගේ වයස අවුරුදු 56 කි. ‘ඕනෑකම සහ කැපවීම තිබෙනවා නම්, ලස්සන සිරුරකින් හැඩවෙන්න වයස ප්‍රශ්නයක් නැහැ’ යැයි කියමින් ඩෙමී මෝර් හාපර් ‘බසාර්’ සඟරාවේ ඔක්තෝබර් කලාපයේ කවරය වෙනුවෙන් නිරුවතින් පෙනී සිටී.

‘බසාර්’ සගරාව වෙනුවෙන් එහි මාධ්‍යවේදිනී ලේනා ඩන්හම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඩෙමී මෝර් නිළියක ලෙස තමන් ආ ගමන සම්න්ධයෙන් පමණක් නොව තම පෞද්ගලික ජීවිතය ගැන කරුණු රැසක් හෙළි කරන්නීය.

තමා මත්පැන්වලට ඇබ්බැහි වූ බවත්, විවාහ ජීවිතය දෙදරා ගිය අයුරු ගැනත්, මානසිකව වැටී යළි නැගී සිටි අයුරුත් ඩෙමී මෝර්, ‘බසාර්’ සඟරාවට හෙළි කර තිබේ. ඩෙමී මෝර් මීට පෙර ඇමෙරිකන් සඟරාවකට සිය නිරුවත ප්‍රදර්ශනය කළේ 1991 වසරේදීය. ඒ, ‘වැනිටි ෆෙයාර්’ සඟරාව වෙනුවෙනි.  ඇය එසේ නිරුවතින් සිටියේ, මාස 7 ක ගැබිනියක ව සිටිද්දීය.

හොලිවුඩ නිළියක් ලෙස ඩෙමී මෝර් ලෙස ජනප්‍රිය වූයේ ඩෙමී ජීන් ගයිනස්ය. ඩෙමී මෝර් උපන්නේ 1962 නොවැම්බර් 11 වැනිදාය.  මෝර් තෙවරක් විවාහ වූ අයෙකි. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නළු බෲස් විලිස් ඇගේ දෙවැනි සැමියාය. දෙදෙනා විවාහ වී සිටියේ 2005 සිට 2013 දක්වාය. මොවුන් දෙදෙනාට දරුවෝ තිදෙනෙකි.

ඩෙමී මෝර් තෙවැනියට විවාහ වූයේ ඇයට වඩා වසර 16 ක් බාල හොලිවුඞ් ප්‍රහසන නළු ඇෂ්ටන් කෘචර් සමඟය.

ගෝස්ට් (1990), ස්ට්‍රිප්ටීස්(1996), ඉන්ඩීසන්ට් ප්‍රොපෝසල් (1993), ජී.අයි. ජේන් (1997), අ ෆිව් ගුඞ් මෙන් (1992) යන ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන නිළිය වූයේ ඩෙමී මෝර් ය.

‘පේජ් 6’ වෙබ් අඩවියේ
හොලිවුඞ් ගොසිප් ඇසුරිනි


RECOMMEND POSTS