අලීයාට 26 යි



‘ස්ටුඩන්ට් ඔෆ් ද යර්’, ‘හයිවේ’, ‘ඩයර් සින්දගී’, ‘උඞ්ටා පන්ජාබ්’ වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය වූ බොලිවුඞ් සුරූපිනිය අලීයා බාත් ඊයේ (15) සිය 26 වැනි උපන් දිනය සැමරුවාය.

ලොව පුරා රසික රසිකාවියන්ගෙන් පමණක් නොව, පවුලේ සාමාජිකයන්ගෙන් සහ සහෝදර නළු නිළියන්ගෙන් අලීයාට සුබ පැතුම් සහ ආශිර්වාද ගලාගෙන ආ බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

අමීර් ඛාන්, අක්ෂේ කුමාර් වැනි බොලිවුඞ් සුපිරි නළුවන් අලීයාට සුබ පතා ඇත්තේ ට්විටර් සමාජ ජාල ඔස්සේය. අලීයාගේ මාපියන් වන මහේෂ් බාත් සහ සෝනි රස්ඩෙන් සුබ පතා ඇත්තේ ඉන්ටර්ග්‍රෑම් හරහා යැයි ද පැවැසෙයි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS