අලිබබා නිර්මාතෘ පිහිටට එයි



චීනයේ ප්‍රකට  බිලයනපතිෙයකු වන අන්තර්ජාල භාණ්ඩ අෙලවිකරණ  අලිබබා වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව එහි පළමු වැනි තොගය බෙල්ජියම වෙත ලැබුණු බව ඒම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත්  සඳහන්ව ඇත.

එහිදී මුහුණු ආවරණ 500,000ක් සහ පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් පටවා ඇති භාණ්ඩ ගුවන් යානයක් එරට ගුවන් තොටුපළකට ගොඩ බස්සවා තිබුණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS