අරියානා ග්‍රාන්දේ සිත් තැවුලෙන්



බෝම්බ පුපුරා යද්දී, එංගලන්තයේ ‘මැන්චෙස්ටර් ඇරීනා’ රඟහලේ පැවැත්වෙමින් තිබුණේ ඇමෙරිකන් තරුණ ගායිකා අරියානා ග්‍රාන්දේගේ සංගීත ප්‍රසංගයකි.

බෝම්බය පිපිරෙද්දී, අරියානාගේ ආරක්ෂක නිලධාරීන් වහා ඇය වෙත පැමිණ ඇයට ආරක්ෂාව ලබා දී, ඇය එම ස්ථානයෙන් රැගෙන ගිය බව වාර්තා විය. තමාගේ ප්‍රසංගයට පැමිණි තම රසික රසිකාවියන් මියයෑම සහ තුවාල ලැබීම හේතුවෙන් තමා දැඩි ලෙස කම්පනයටත් සිත් තැවුලටත් පත්ව සිටින බව අරියානා පවසා ඇත.

අරියානා ග්‍රාන්දේ බෘටේරා 23 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය උපත ලබා ඇත්තේ 1993 ජූනි 26 වැනිදාය. ගායිකාවක පමණක් නොව, අරියානා ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනී නිළියකි. කාටූන් සහ සජීවීකරණ චිත්‍රපට සඳහා හඬ නිළියක ලෙස ද දායක ‍වෙයි.

2016 වසරේ ටයිම් සඟරාව විසින් නම් කළ ‘ලොව කැපී පෙනන පුද්ගලයන්’ 100 ලැයිස්තුවට අරියානා ග්‍රාන්දේ ද ඇතුළත්වූවාය. ඇගේ ගීත ඇමෙරිකන් ගීත දර්ශකවල පමණක් නොව, යුරෝපා ගීත දර්ශකවල පවා ඉහළින්ම ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS