අමීර් ඛාන්ට සූකර උණ



සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ බිරිඳ කිරන් රඕ රෝහල් ගතව සිටින බවත් ඔවුන්ට H1N1 සූකර උණ වැළැඳී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

රෝහල් ගතව නිසි ප්‍රතිකාර ලබන හෙයින්, අමීර්ගේ හෝ කිරන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි.

2015 වසරෙන් පසු සූකර උණ වැළැඳුණු බොලිවුඩ් තරුව ලෙස 52 හැවිරිදි අමීර් ඛාන් සැලකිය හැකි යැයි ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.

2015 වසරේ දී සූකර උණ වැළැඳීමෙන් රෝහල් ගත කෙරුණේ සෝනම් කපූර්ය.

(බොලිවුඩ් පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS