අම්මාට වඩා ජනප්‍රිය පුතා



අම්මාට වඩා පුතා ගැන දැන් වැඩිපුරා දෙනා හොයනවා.කෙටින්ම කිව්වොත් එයා ,රඟපාන අම්මට වඩා ගොඩක් ජනප්‍රියයි.මේ කියන පුතාගේ නම ටයිමූර් අලි ඛාන් ,අම්මා තමයි කරීනා කපූර් ඛාන් 

බොලිවුඩයේ සුරූපිනියක් වන කරීනා කපූර් ඛාන්  මවක් වුනේ ඉකුත් දෙසැම්බර් 20 වැනිදා  හැමෝම දන්නවානේ.බොලිවුඩ් සුපිරි නළු සායිෆ් අලී ඛාන්ට දාව  කරීනාට උපන් මේ පුතා ගැන වෙලේම ඕපදූප අහන්න බොලිවුඩ් චිත්‍රපට වලට කැමති අය හැම කැමැත්තෙන් ඉන්නේ.තමන්ගේ පුතා ගැන දැන ගන්න ආසාවෙන් ඉන්න මේ හැමෝම වෙනුවෙන් ඉකුත්දා කරීනා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූපයක් පළ කිරීමට කටයුතු කළා.

ඒ ඡායාරූපය හරිම ආදරණීය ඡායාරූපයක් කිව්වොතින් නිවැරදියි.මාස තුනක් වයසැති තමන්ගේ කිරිකැටි පුතනුවන්ට උණූසුම් හාදුවක් දෙන අවස්ථාවක් ඡායාරූපයේ දකින්නට ලැබුණත් මේක ගත්තේ සායිෆ්ද කියලා කියන්න නම් අපි දන්නේ නැහැ.මෙහි කරීනාගේ පුංචි පුතු හුරතල් හිනාවක් පාන්න අමතක කරලත්  නැහැ.

මේ ඡායාරූපයට හැමෝම දක්වන්නේ දැඩි කැමැත්තක්.බොලිවුඩය පුරා ජනප්‍රියම  දරුවා ටයිමූර් වෙලා.මේ ගැන ටයිමූර් ගේ තාත්තා වන සුපිරි නළු සායිෆ් දක්වන්නේ මෙවැනි අදහසක් ‘‘ ම සතුටුයි මගේ දරැවා හොඳ පෙනුමකින් ඉන්නවාට.නමුත් මගේ එකම බලාපොරොත්තුව ඔහු යහපත් පුද්ගලයෙක් කිරීමයි.එයා බොලිවුඩයේ ඉන්න එකම සුපිරි තරුවකුගේ දරැවා නෙමෙයි,තව ගොඩක් ලස්සන දරැවෝ බොලිවුඩයේ ඉන්න අනෙක් අයටත් ඉන්නවා.ඒත් ඇතැම් මාධ්‍ය අනවශ්‍ය අවධානයක් මේකට යොමු කරලා.

තිළිණි ද සිල්වා
ෆිල්ම්ෆෙයා ඇසුරිනි

 


RECOMMEND POSTS