අනුෂ්කා විරාට් ගිවිස ගැනීම සති අන්තයේ



බොලිවුඩයේ ආකර්ෂණීය පෙම් යුවලක් වන සුරෑපිනී අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ සුපිරි ක්‍රිකට් තරුවක වන විරාට් කෝලි ගේ විවාහය මේ සති අන්තයේ දී සිදු කෙරෙන බවට ඉන්දීය මාධ්‍ය කියා සිටී.

එය තහවුරු වී ඇත්තේ අනුෂ්කා සහ විරාට්  ඉතාලිය සහ ස්විට්සර්ලන්තයේ සංචාරයක් සදහා පිටත්ව යෑමත් සමගය.අනුෂ්කා සමග ඇයගේ පවුලේ අයද එක්ව සිටී.

විරාට් මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස තරගයත් පසෙක තබා වීම විශේෂත්වයකි.

වසර ගණනක සිට පෙමින් වෙළී සිටින මේ යුවළ ඉතාලියේ මිලානෝ නුවරදී විවාහ ගන්නා බවත් මේ වන විට විරාට් ගේ පවුලේ සාමාජ්කයින් සහ සමීපතමයන් ද ඉතාලියට ගුවන් ටිකට් පත් මිලදී ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය කියයි.

නමුත් අනුෂ්කා ගේ සමීපතමයන් මෙම විවාහ ගිවිස ගැනීම පිලිබද වාර්තා ප්‍රතික්ෂේප කරයි.

( තිළිණි  ද සිල්වා )
ඉන්දියා ටුඩේ ඇසුරෙනි

RECOMMEND POSTS