අගමැති මෝදි සිත සනසයි



ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම අසාර්ථක වෙද්දී, ඊයේ (7) අලුයම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද,  ගවේෂණය මෙහෙයවූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ පාලන මැදිරියට ගොස් සිටියේය.

මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට දායක වුණු විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන් අමතමින් ඔවුන් කළ උත්සාහය වෙනුවෙන් ස්තුති කළේය. බලාපොරොත්තු අත්හැරින්න එපා යැයි පැවැසීය.

අගමැති මෝදි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් පිටවී යද්දී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා කේ සිවාන් පැමිණ අගමැතිවරයා ඉදිරියේ කඳුළු සලන්න විය. එම අවස්ථාවේ අගමැති මෝදි ඔහු වැළඳ ගනමින් ඔහු සැනැසීමට පවා පියවර ගත්තේය.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS