අක්කා නගෝ පළමු වරට දැන්වීමක



ලෝ සුපතල මලබාර් රන් සහ දියමන්ති නිර්මාණකරුවන්ගේ ‘අලෝර්’ නවතම දියමන්ති එකතුව ලොවට හඳුන්වා දීම සිදුවූයේ  බොලිවුඩයේ සුරූපිනියන් වන කරිෂ්මා කපූර් සහ කරීනා කපූර්ගේ එකමුතුවෙනි.

සිත් ආකර්ශණය කර ගැනීමට සමත් ‘අලෝර්’ දියමන්ති ස්වර්ණාභරණ එකතුවට ‘නැවුම්’ ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කරිෂ්මා සහ කරීනා සොයුරියන් එක් කර ගත් බව පැවැසෙයි.

විවිධ විලාසිතා සහ විවිධ බරින් යුක්ත ‘අලෝර්’ ස්වර්ණාභරණ එකතුව වෙනුවෙන් නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමට පෙනී සිටින්නේ ද කරිෂ්මා සහ කරීනා කපූර්ය. එය මේ වනවිට බොහෝ දෙනාගේ ආදරයට දිනා ගැනීමට හැකි වී තිබේ.

තවත් සුවිශේෂී කරුණක් නම්, 90 දශකයේ ජනප්‍රිය බොලිවුඞ් නිළියක වුණු කරිෂ්මාත්, වර්තමානයේ ජනප්‍රිය බොලිවුඞ් නිළියක වන කරීනාත් එක්වී, දැන්වීමකට පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීමය.

මීට පෙර කිසිදු අවස්ථාවක මෙම බොලිවුඞ් සුරූපී අක්කා නගෝ පුංචි තිරයේ හෝ රිදී තිරයේ මේ අයුරින් එකට දකින්න ලැබී නැතැයි ද පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS