දීපිකාගේ හිස ගසා දැම්මොත් මිලියනයක්



ඉන්දීය බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස සා දමන අයකුට තමන් ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ගක් දෙනවා යැයි ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී නායකයෙක් කියයි.

මෙසේ පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූය.

බොලිවුඞ් සුරූපිනී දීපිකා සම්බන්ධයෙන් මෙසේ විරෝධයක් හටගෙන ඇත්තේ ඇය ප්‍රධාන චරිත කිරූපණය කරන, දෙසැම්බර් පළමු වැනිදා සිට තිරගතවීමට නියමිත ‘පද්මාවතී’ චිත්‍රපටය මුල්කොට ගනිමිනි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පද්මාවතී’ ලෙස රංගනයෙන් දායක වන දීපිකාට පමණක් නොව, චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සන්ජේ ලීලා බන්සාලිට ද මේ  වනවිට ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධය එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

පද්මාවතී චිත්‍රපටය ඉතිහාස කතාවකි. පද්මාවතී යනු මුස්ලිම් පාලකයකු සමඟ විවාහ වන හින්දු රැජිනකි.

හින්දු ජාතිකවාදීන් ප්‍රකෝප කිරීමට පද්මාවතී චිත්‍රපටය හේතුවෙක් වී ඇත්තේ එහෙයිනි. චිත්‍රපටය තිරගත කිරීම වැළැක්වීමට ද හින්දු ජාතිකවාදීන් උත්සාහ ගන්නා බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර පූනේ අධිකරණයක් මේ වනවිටත් ප්‍රාන්ත සිනමා ශාලාවල ‘පද්මාවතී’ තිරගත කිරීම තහනම් කිරීමට වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS