‘මෙන් ඉන් බ්ලැක්: ඉන්ටර්නැෂනල්’ රිදී තිරයේ



පෘථිවියේ රහසේ සැඟවී වෙස්වළාගෙන ජීවත් වන හොඳ පිටසක්වළයන් සහ නපුරු පිටසක්වළයන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් පිටසක්වළ ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් වදින විශේෂ රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායම වන ‘මෙන් ඉන් බ්ලැක්’ රහස් සංවිධානයේ වික්‍රම ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය.

මෙන් ඉන් බ්ලැක් චිත්‍රපට මාලාව ආරම්භ වූයේ 1997 වසරෙනි. ඒ, හොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළුවන් දෙපළක් වන ටොමී ලී ජෝන්ස් සහ විල් ස්මිත්ගේ එකමුතුවෙනි.

ප්‍රහසනය පිරි අපූරු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට පළමු මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටය සමත් විය.

1997 චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ 2002 දී, ‘මෙන් ඉන් බ්ලැක් 2’ චිත්‍රපටය තිරගත විය.

ඉන්පසු 2012 දී ‘මෙන් ඉන් බ්ලැක් 3’ රිදී තිරයට පැමිණියේය.

මෙම චිත්‍රපට ත්‍රිත්වය ටොමී ලී ජෝන්ස් සහ විල් ස්මිත් කේන්ද්‍රකොට ගනිමින් ඇමෙරිකාවේ සිදුවන සිදුවීම් ඇසුරින් නිර්මාණය වී ඇත.

දැන් යළිත් වරක් මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටයක් කරළියට පැමිණ තිබේ. ඒ, මෙම චිත්‍රපයට පාදක වන්නේ ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා නපුරු පිටසක්වළයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉන් බ්ලැක් ජාත්‍යන්තර රහස් පොලිස් කණ්ඩායම ගැනය.

‘ටේකන්’ චිත්‍රපය මාලාව හරහා ක්‍රියාදාම නළුවකු ලෙස ප්‍රකට ලියෑම් නීසන්, තෝර්ගේ චරිතයට පණ පොවමින් ජනපිය වූ ක්‍රිස් හෙම්ස්වර්ත් සහ ‘තෝර් රැග්නරොක්’ චිත්‍රපටයෙනුත්, ‘ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම්’ චිත්‍රපටයෙනුත් ජනප්‍රිය වූ තෙසා තොම්සන් ද මෙම නවතම මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙම චිත්‍රපටය එෆ්.ග්‍රේ.ග්‍රේගේ අධ්‍යක්ෂණයකි.

(රොයිටර්)


RECOMMEND POSTS