සෞමිත්‍රා චැටර්ජි කොරෝනාට බිලි



ප්‍රවීණ බෙංගාල නළුවකු වන සෞමිත්‍රා චැටර්ජි, කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු 85 හැවිරිදි සෞමිත්‍රා චැටර්ජි, පසුගිය 6 වැනිදා කොල්කොටා නුවර රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ඉන්දීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය සත්‍යජිත් රායි සමඟ සිනමාවට පිවිසි නළුවකු ලෙස චැටර්ජි සැලකෙයි. චැටර්ජි, සිනමාවට පිවිසියේ 1959 වසරේ, සත්‍යජිත් රායිගේ ‘අපූර් සංසාර්’ චිත්‍රපටයෙනි.

සත්‍යජිත් රායිගේ සිනමා නිර්මාණ ඇතුළු තවත් සිනමා නිර්මාණ 300 කට වැඩි ප්‍රමාණයකට චැටර්ජි සම්බන්ධ විය. නළුවකු පමණක් නොව, තිර පිටපත් රචකයකු, වේදිකා නළුවකු සහ කවියකු ලෙස ද චැටර්ජි ප්‍රකටය.

කොල්කොටාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS