ස්පාඤ්ඤ රජු නිරෝධායනයේ



ස්පාඤ්ඤයේ හය වැනි පිලිප් රජු දින 10 ක කාලයක් සඳහා නිරෝධායනයේ රැඳවීමට වෛද්‍යවරු පියවර ගත්හ.

ඒ, 52 හැවිරිදි රජතුමා සමීපව ඇසුරු කළ අයකු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වී ඇති බැවිනි.

නිරෝධායනයට යොමු කළ පිලිප් රජුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ද පැවැසෙයි. කෙසේ නමුත්, රජුගේ බිරිඳ සහ දියණියන් ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු සිදු කරන බවත්, ඔවුන්ට තහංචි පැනැවීමක් සිදු කර නොමැති බවත් පැවැසෙයි.

මේ වනවිට ස්පාඤ්ඤය ද දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දී සිටී. ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 1.6 කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ 43,131 කි.

මැඩ්රිඩ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS