සනී දියොල්ගේ පුතු සිනමාවට



බොලිවුඩ් සුපිරි නළු සනී දියොල්ගේ පුතු කරන් දියොල්ගේ මංගල චිත්‍රපටය ‘පාල් පාල් දිල් කා පාස්’ චිත්‍රපටයයි.

‘පාල් පාල් දිල් කා පාස්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු මේ වනවිට අන්තර් ජාලය කැලැඹීමට සමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘පාල් පාල් දිල් කා පාස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ ද නවකයෙකි. ඇය ෂහේර් බම්බා ය.

තම පුතුගේ පළමු චිත්‍රපටය ගැන අදහස් දක්වමින් සනී දියොල් පවසා ඇත්තේ තම පුතු තමාගේ අඩිපාරේ යනු දැකීම ආඩම්බරයක් කියාය. ‘පාල් පාල් දිල් කා පාස්’ චිත්‍රපටය ලබන ජූලි 19 වැනිදා සිට තිරගත වෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS