ව්‍යාපාරික ඉලොන් මස්ක්ට කොරෝනා



‘ටෙස්ලා’, ‘ස්පේස් එක්ස්’ ඇතුළු ඇමෙරිකන් තාක්ෂණික සමාගම් රැසක හිමිකරුවා වන කෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

49 හැවිරිදි මසක්, මේ වනවිට කොරෝනා වයිරස පරීක්ෂණ දෙකකට යොමු කෙරුණු අතර, එම පරික්ෂණ දෙකෙන්ම තහවුරු වී ඇත්තේ ඔහු ආසාදිතයකු බවය.

නියමුවන් රහිත මෝටර් රථ නිෂ්පාදනයේත්, ගගන ගමන් බිමන් සඳහා ගගන කැප්සියුල සහ රොකට් නිෂ්පාදනයේත් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මසක්ගේ ‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ යන සමාගම්ය.

ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් උඩු ගුවනේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන යෑමට යොදා ගන්නේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිපදවා ඇති ‘ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයයි.

මේ අතර ඩ්‍රැගන්’ කැප්සියුලය රොකට්ටුවක ආධාරයෙන්, ගගනගාමින් සිවුදෙනකු ද රැගෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියේය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආධාරයෙන් ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශ නැවැතුම්පොල බලා යන පළමු අවස්ථාව මෙයයි.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS