බ්‍රසීල ජනපතිට සුවයි: දැන් ආර්යාවට කොරෝනා



බ්‍රසීල ජනාධිපති ආර්යාව මිෂෙල් බොල්සරානෝ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු විය.

38 හැවිරිදි ජනපති ආර්යාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞඛ්‍ය අංශ සහ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් අනුව ඇය නිරෝධායනයට යොමු වී සිටින බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වී සති කීපයක් නිරෝධායනයේ සිටියේය.

තමන් තව දුරටත් ආසාදිතයකු නොවන බව සිවුවැනි වෛද්‍ය පරීක්ෂණයේ දී තහවුරු වුණැයි ජනපති බොල්සරානෝ ප්‍රකාශ කළේ පසුගිය සඳුදා (27) ය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS