පිළිකා අත්දැකීම් ගැන මනීෂාගෙන් පොතක් !



කාලයක්  ඉන්දියන් සිනමාව සැරසූ නේපාල  සුන්දරිය තමයි මනීශා කොයිරාළ. මධුරි  ඩික්සිත්, ජූහි , කාජල් වගේ  තරු අතර ඉදිරියෙන් හිටිය සුපිරි තරුවක් තමයි ඇය.

කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විද යලි යථා තත්ත්වයට පත්වූ  අතර  ඇය එම අත්දැකීම් අළලා ලියූ පොතක් ඉකුත්දා එළි දැක්විණි.  " healed " නමැති එම පොත එළිදැක්වීමට රේඛා ,මහේශ් භාට්,භාග්‍ය ශ්‍රී , ගුල්ශන් ග්‍රොවර්, අනූපම් ඛේර් සහභාගි  වුහ.

ඉහළම තැන සිට පහළට ඇද වැටුනත් නැවත  නැඟිටින අතරතුර  තවත්  අයට ධෛර්යය  දෙන ශක්තිමත් මනීශාට ආදරයෙන්.

සුබාශ් ගයි  නිර්මාණය  කල සෞදාගර්  චිත්‍රපටයෙන් හින්දි  සිනමාවට  පාතැබූ මනීශාගේ සිනමා ජීවිතයේ රන් සලකුණක්  "බොම්බෙ ".  1942 ලව් ස්ටෝරි, අග්නි සාක්ශි, කාමෝශි, ගුප්ත්, අකේලේ හම් අකේලේ  තුම්, මන්, ඒක් චොටී සී ලව් ස්ටෝරි, ලජ්ජා  ඇය දායක වූ තවත්  සාර්ථක  චිත්‍රපට. බොලිවුඩය  විතරක්  නෙමෙයි  දෙමල සිනමාවටත් ඇගේ දායකත්වය  ලැබුණා.

ජනප්‍රිය  සිනමාවත් කලාත්මක  සිනමාවත් ස්පර්ශ  කරන්න  ඇයට  හැකියාව  තිබුණා. 

 

ඒත් මත්පැනට ඇබ්බැහි  වීමත් සමහර  ප්‍රේම සම්බන්දතාත්  ඇයට  සිනමාවේ යන්නට  තිබූ දිගු ගමනට බාධා කලා. ඇය නූතන  මීනා කුමාරියයි. පසු කාලයක  නිර්මාණය  උන "හිරොයින් " ඇගේ  කතාව අනුසාරයෙන්  හැදුණු  බව   කියවෙනවා.

දක්ශතාව සුරූපී  බව තිබුණාත් කලමනාකරණය  කරගැනීමේ දුර්වල කම ඇගේ  ගමන මඟදී අඩාල  කලා. නේපාල  ජාතික  ව්‍යාපාරිකයකු හා විවාහ  වූ ඇය ඉන් වසර  දෙකකදී  වෙන් වෙනවා . 

2012 දී ඇය පිළිකා රෝගයට  ගොදුරු  වෙනවා . රෝගය පැතිරී දුර්වල  වෙන තෙක් ඇයට  ඒ ගැන  කිසිදු  දැනීමක්   තිබී නැහැ . ප්‍රතිකාර  සඳහා ඇමරිකාවේ රෝහලක  ඇතුළු  වෙන මනීශා  සැත්කමකට භාජනය  කරනවා.ඉන් පසුව  මාස ගණනාවක   කීමො තෙරපි  ලබා දී අවුරුදු  හතරකට පිලිකාව   පාලනයට  වෛද්‍යවරුන්  සමත් වෙනවා

2014දී ඇය පිලිකා රෝගයෙන් සුවය ලැබීමට සමත් වෙනවා. පසුව  ක්‍රියාකාරීව පිලිකා සම්බන්ද වැඩසටහන්  වලට  මනිශා  ඇයගේ  දායකත්වය ලබා දෙනවා.  ඇගේ  රෝගී තත්ත්වය  ගැන කණගාටු  වූ ප්‍රේක්ෂක ජනතාවට  සුබ ආරංචියක්  දෙමින් ඇය නැවතත්  සිනමාවට සම්බන්ද  වන්නේ සංජු චිත්‍රපටය හරහාය.

පිලිකා  රෝගයෙන්  සුවය ලැබූ ඇය ක්‍රියාකාරී සමාජ් සේවිකාවක් ලෙස  නොයෙක්  කටයුතු  කරනවා . කාන්තා  අයිතීන් ,කාන්තා  හිංසනයට  විරුද්ධව  සහ නේපාල කාන්තාවන්   ගණිකාවන් ලෙස විවිධ  රටවලට  නීති විරෝධීව ගෙන යාමට  විරුද්ධව  හඬ නගන්නියක්.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS