ප්‍රීතිට කබීර් සිංගෙන් සුබ පැතුම්



අද (31) 28 වැනි උපන් දිනය සමරන බොලිවුඩයේ සරාගී සුරූපිනිය කියාරා අද්වානී ට අපූරු සුවිශේෂී සුබ පැතුමක් ලැබුණි. ඒ, ෂාහීද් කපූර්, කබීර් සිං ලෙස පෙනී හිඳිමිනි.

2019 වසරේ තිරගත වුණු ‘කබීර් සිං’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ බොලිවුඞ් ආදර අන්දරයයි. චිත්‍රපටයේ කබීර් සිංගේ චරිතයට පණ පොවන්නේ ෂාහීද් කපූර් ය. චිත්‍රපටයේ පෙම්වතිය ප්‍රීතිගේ චරිතය නිරූපණය කරන්නේ කියාරා අද්වානී ය.

කියාරා ඉන්දීය සිනමා කර්මාන්තයට පිවිසුණේ 2014 වසරේදීය. ඒ, ෆග්ලි චිත්‍රපටයෙනි.

කියාරා උපත ලබා ඇත්තේ 1992 ජූලි 31 වැනිදා මුම්බායි නුවරය. ‘ගුඞ් නිවුස්’, ‘ලස්ට් ස්ටෝරීස්’, ‘ගිල්ටි’ යනු කියාරාගේ කැපී පෙනුනු චිත්‍රපට කීපයකි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS