දීපිකා චපාක් එක්ක බිසී වෙලා !



රොමෑන්ටික් සිනමාපටවලට වගේම සත්‍ය කතා පදනම් කරගනිමින් නිර්මාණය වෙන චිත‍්‍රපටවලට වර්තමානයේ ලොකු ප්‍රේක්ෂක ආකර්ශනයක් තියෙනවා.

හොලිවුඞ්, කොලිවුඞ් වගේම බොලිවුඞ්වලත් ඒ තත්ත්වය එහෙම්මම තමයි.

ඔන්න ඒ වගේ අපූරු සිනමා අත්දැකීමක් 2020 වසර ආරම්භයේදීම ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්න හින්දි සිනමාව සූදානම් වෙනවා. මේගනා ගුල්සාර් විසින් අධ්‍යක්‍ෂණය කරන CHHAPAAK තමයි ඒ චිත්‍රපටය. සුරූපී දීපිකා පදුකෝන් පද්මාවත් සිනමාපටයෙන් පසුව පේ‍්‍රක්‍ෂකයින් හමුවන මුල්ම චිත්‍රපටය වන්නේද එයයි.

ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වීම ඉන්දියාව වගේ රටක වර්තමානයේ සාමාන්‍ය දෙයක්. පුංචි ප‍්‍රශ්නයකට කෙනෙක්ගෙන් පළිගන්න ඇසිඞ් ගහන්න තරම් මිනිස්සු දරුණු වෙලා. ඒකෙන් අදාල පුද්ගලයාගේ මුළු ජීවිතයම විනාශ කරනවා.දීපිකාගේ මේ  සිනමා නිර්මාණයට පාදක වන්නේ. ලක්ෂ්මි අගර්වාල් නමැති තරුණියකට සාහසිකයින් විසින් එල්ල කරන ඇසිඞ් ප‍්‍රහාරයකින් ඇගේ ජීවිතය විනාශවන ආකාරයත් එ් වෙනුවෙන් ඇය සටන් කරන ආකාරයත් සිනමාපටය පුරා ගලා යන්නේ එහි තිබෙන භයානකකම ගැන සමාජයටම පෙන්වා දෙමින්.

මේඝනා ගුල්සාර් එක්ක එකතුවෙලා දීපිකා පදුකෝන් ඇගේ පළමු සිනමා නිෂ්පාදනයට පිවිසෙන්නෙත් CHHAPAAK තුළින්වීම විශේෂත්වයක්. සංජය ලීලා බන්සාලිගේ පද්මාවත් සිනමාපටයෙන් පස්සේ දීපිකා ටික කාලයක් නිහ`ඩව හිටියේ විවාහ ජීවිතයට මුල් තැනක් දෙන්න ඕනෑ නිසයි. නමුත් ඒ කාලය තුළ ඇය හොඳ තිර පිටපතක් සොයමින් තමයි හිටියේ. ඔන්න ඔය කාලෙ තමයි මේඝනා දීපිකාව මුණගැහිලා ඇගේ හිතේ තියෙන අදහස ගැන කියන්නේ. ලක්ෂ්මි දේසායිගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන මේ චිත‍්‍රපටයට දීපිකා එක පයින්ම කැමැත්ත පළකළේ දෙපාරක් හිතන්නේ නැතිව.

හැබැයි මේඝනාට තවත් ප‍්‍රශ්නයක් මතුවුණා. ඒ තමයි චිත‍්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයා ගැනීම. ඒකටත් දීපිකා විසඳුමක් ගෙනාවේ මේඝනා සමඟ එකතු වී තමන් එහි නිෂ්පාදන බරපැන දැරීමට සියතට ගැනීම. ඒ වගේම ගෝවින්ද සිං සන්දුත් නිෂ්පාදනයෙන් දායක වුණා. අටිකා චොහාන් සහ මේඝනා ගුල්සාර් විසින් තිර රචනය කර ඇති ක්‍ය්ච්්න චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සිදු කර තිබෙන්නේ ශංකර් ඒෂාන් ලෝයි විසින්. ඒ වගේම ගීත ස`දහා පද රචනයෙන් ගුල්සාර් සහභාගිවෙලා තිබුණා. නිතින් බයින් විසින් සංස්කරණය කර ඇති මෙහි ප‍්‍රධාන චරිත රඟපාන්නේ දීපිකා පදුකෝන් සහ වික‍්‍රාන්ත් මාසෙයි විසින්. ෆොක්ස් ස්ටාර් බෙදාහැරීමක් වන CHHAPAAK තිරගත වන්නේ 2020 ජනවාරි මස 10 වැනිදා.

2018 දෙසැම්බර් 24 වෙනිදා තමයි මුල්වරට දීපිකා පදුකෝන් මේ පිළිබ`දව සිය ටුවිටර් ගිණුමෙන් සිය පේ‍්‍රක්‍ෂකයින් දැනුවත් කළේ. එය තමන්ගේ පළමු නිෂ්පාදනය බවටත්, 2019 වසරේ මාර්තු සිට ජුනි දක්වා එහි රූගත කිරීම් සිදුවන බවත් ඇය එහි ස`දහන් කර තිබුණා. දීපිකා මේ ප‍්‍රකාශය කිරීමත් සමඟ ඇගේ රසිකයන් බොහෝ පිරිසක් යහපත් ප‍්‍රතිචාර දක්වා තිබුණා. ගොඩක් අය බලාගෙන හිටියේ චිත‍්‍රපටය ඉක්මනින් එළියට එනකම්. දීපිකා මෙහි රඟපාන්නේ මාලතී නමැති චරිතය. වික‍්‍රාන්ත් අමෝල් නමැති චරිතය රඟපාන අතර ඔවුන් සමඟ රෝහිත් සුක්වානි රංගනයෙන් දායක වී තිබුණා. ලක්‍ෂ්මිගේ රුවට සමාන ආකාරයට දීපිකා වෙස් ගන්වා තිබෙන මුල්ම පෝස්ටරය මාධ්‍යයට නිකුත්වීමත් සමඟ බොහෝ දෙනා එය අපූරු නිර්මාණයක් වනු ඇති බවට මත පළකළා.

ලක්‍ෂ්මි ගේ සැබෑ රුවට සමාන ආකාරයට දීපිකාව වෙස් ගන්වන්න වේෂ නිරූපණ ශිල්පියාට පැය කිහිපයක් ගතවෙලා තිබෙනවා. දවසේ වැඩි කාලයක් රූගත කිරීම් අවසන් වෙනකම් විරූපී වෙස්ගැන්වීමත් සමඟ ඉන්න දීපිකාට සිද්ධ වුණා. ඇය ඒ ගැන මාධ්‍යයට කියලා තිබුණේ මෙහෙම කතාවක්.

ඇත්තටම CHHAPAAK කියන්නෙ මගේ හීනයක්. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම් වෙලයි හිටියේ. නමුත් මගේ වේෂ නිරූපණය මුහුණට විශාල බරක් වුණා වගේම කණ්නාඩියකින් මාව දකින එක මටම බය හිතෙන දෙයක් වුණා. මම කොයි තරම් සංවේදී වුණාද කියනවා නම් සමහර දර්ශන වලදී ඇ`ඩුණු අවස්ථාත් තිබුණා.”
දීපිකාගේ රංගනය ගැන චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂිකා මේඝනා ගුල්සාර් මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ කළේ මේ වගේ අදහසක්.

CHHAPAAK චිත‍්‍රපටයේ තිර රචනය ලියනකොටම මගේ හිතේ මාලතී විදිහට මැවුණේ දීපිකාව. ඇය එයට අපූරුවට ගැලපුණා. චිත‍්‍රපටය අවසානයේ මට දැනුණේ ලොකු සැහැල්ලූවක්. ඇගේ වැඩකොටස ඇය ඕනෑවටත් වඩා හො`දට කරලා තිබුණා. ඉතිරිය පේ‍්‍රක්‍ෂකයින්ට භාරයි. මෙය අනිවාර්යයෙන්ම සාර්ථක චිත‍්‍රපටයක් වන බවට මට විශ්වාසයක් තියෙනවා.”

චිත‍්‍රපටයේ රූගත කිරීම් කරන කාලසීමාව තුළ දීපිකා වෙන කිසිම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. ඒ තරමටම ඇය චිත‍්‍රපටය වෙනුවෙන් කැපවුණා. විශේෂයෙන්ම ලක්ෂ්මි එක්ක වැඩි කාලයක් ගත කරමින්

ඇගේ පෞද්ගලික හැඟීම් බෙදාහදා ගන්නත් ඇය කටයුතු කරලා තිබුණා. CHHAPAAK අවසානයේ ලක්ෂ්මි සහ දීපිකා ඇත්තටම ගොඩක් හො`ද යාළුවෝ බවට පත් වෙලා. ඒ ගැන දීපිකාට තියෙන්නෙ ලොකු සතුටක්. ආත්ම විශ්වාසයෙන් තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණය වෙනුවෙන් සටන් කරපු අපූරු තරුණියකගේ මිතුරියක් වෙන්න ලැබීම ගැන දීපිකා ඉන්නෙ ගොඩක් සතුටකින් කියලයි බොලිවුඩ් වලින් ආරංචි වෙන්නේ

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS