තවත් ‘ස්පයිඩර් මෑන්’ වික්‍රමයක් එනවා



සෝනි සහ මාවල් ස්ටුඩියෝස් චිත්‍රාගාර එක් වී, තවත් ස්පයිඩර් මෑන් චිත්‍රපටයක් නිර්මාණය කරන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනයක් නිකුත් වී අවසන්.

එය දෙගිඩියාවෙන් සිටි ස්පයිඩර් මෑන් රසික රසිකාවියන්ට සතුටුදායක පුවතක් බව නිසැකය.

පසුගිය දා රාවයක් පැතිර යන්න  වූයේ සෝනි සහ මැවල් සමාගම් දෙක වෙන් වන බවටය.
ස්පයිඩර් මෑන් මාවල් චිත්‍රකතා වීරයකු වුවත්, එය පළමුවෙන් සිනමාවට ගෙනාවේ සෝනි සමාගමය. එහෙයින් ස්පයිඩර් මෑන්ගේ වැඩි අයිතිය ඇත්තේ සෝනි සමාගම සතුවය.

යොවුන් නළු ටොම් හොලන්ඞ්, පීටර් පාකර් එසේත් නැතිනම් ස්පයිඩර් මෑන් ලෙස චරිත නිරූපණයේ යෙදෙමින්, එම සෝනි මාවල් හවුලේ ප්‍රතිඵලයක් වශයෙනි.

ටොම් හොලන්ඞ්, ස්පයිඩර් මෑන් ලෙස ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට ද සම්බන්ධ විය. ස්පයිඩර් මෑන් හෝම් කමින් සහ ස්පයිඩර් මෑන් ෆා ෆ්‍රොම් හෝම් නමින් ස්පයිඩර් මෑන් චිත්‍රපට දෙකක් ද එළිදැක්විණි. ඒවා බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් විය.

(හොලිවුඞ් පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS