චාල්ස් කුමරුන්ටත් කොරෝනා



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

71 හැවිරිදි චාල්ස් කුමරු සෙම්ප‍්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් කොරෝනා පරීක්ෂණයකට යොමු කළ බවත් දැනට ඔහුගේ තත්ත්වය යහපත් බවත් වෛද්‍යවරු පවසති.

මේ අතර චාල්ස් කුමරුන්ගේ බිරිඳ කෝන්වෝල් ආදිපාදවරිය හෙවත් කැමිලා පාකර් (72) ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව ද වාර්තා වේ.

ඇය ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පැවැසෙයි.

චාල්ස් කුමරුන් සහ කැමිලා ආදිපාදවරිය පදිංචි වී සිටින්නේ ක්ලැරන්ස් හවුස් නමින් හැඳින්වෙන මන්දිරයේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS