ගලි බෝයි ආසියානු සිනමා උළෙලේ සම්මානයට



බොලිවුඩ් හි ජනප්‍රියා සිනමා අධ්‍යක්ෂකවරියක වන සෝයා අක්තාර්ගේ ‘ගලි බෝයි’ සිනමා පටය හොඳම ආසියානු සිනමා පටයට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඒ, දකුණු කොරියාවේ පැවති 2019 බූසෝන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ය.

මෙම සම්මානය ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව සෝයා අක්තාර් සඳහන් කළේ ය.

ගලි බෝයි සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං සමගින් ආලියා භාත් ය. මෙහි කියැවෙන්නේ මුම්බායි නුවර ජීවත් වන වීදී රැප් සංගීතකරුවන්ගේ ජීවන රටාව කියැවෙන චිත්‍රපටයකි.

(තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.

RECOMMEND POSTS