කුමරුන්ට කොරෝනා බෝ කළේ ඉන්දීය ගායිකාව



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් යැයි සැක පළ වී ඇත.

කනිකා කපූර් කොරෝනා ආසාදියකු බව තහවුරු වූයේ චාල්ස් කුමරු කොරෝනා ආසාදියකු බව තහවුරු වීමට දින කීපයකට පෙරය. කනිකා කපූර් පසුගිය දා ලන්ඩන් නුවරට පැමිණ සිටි අතර, ඇය ලන්ඩනයේ පැවැති එළිමහන් සාදයකදී චාල්ස් කුමරු හමුවූවාය.

41 හැවිරිදි ගායිකාව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ ඇය ආපසු ඉන්දියාවට යෑමෙන් පසුවය. 71 හැවිරිදි චාල්ස් කුමරුන් කොරෝනා ආසාදියකු බව තහවුරු වූයේ පසුගිය 25 වැනිදාය. ඒ සෙම්ප‍්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනි.

චාල්ස් කුමරු ලන්ඩන් නුවරදී ආසාදිත පරීක්ෂණයට යොමු කර ඇත්තේ සෙසු බි‍්‍රතාන්‍ය වැසියන් ද සමඟය.

තමන්ගේ වාරය පැමිණෙන තුරු පරීක්ෂණය කිරීමට කුමරු කැමැත්ත පළ කර තිබුණු බව ද බි‍්‍රතාන්‍ය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ලන්ඩනයේදීය (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS