කිං ඛාන්ට වීරයෝ හමුවෙලා !



සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට පසුගියදා ඔහු ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන වීර චරිත තුනක් හමුවී ඇතැයි කියලා බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර සිටී.

ශාරුක් මෙලෙස හමුවී ඇත්තේ, ජනප්‍රිය ඇමෙරිකන් නළුවකු මෙන්ම ඇක්වා මෑන් ලෙස චරිත කිරූපණයේ යෙදෙන ජේසන් මෙමෝවා, බෙල්ජියම් ජාතික සුපිරි සටන් ශිල්පී ශිල්පී වෑන් ඩෑම් සහ සුපිරි සටන් ශිල්පී ජැකී චෑන්වයි.

සෞදියේ රියාද් නුවර පැවති උත්සවයකදී ශාරුක් සහ ඔවුන් හමුවී තිබේ.

එහිදී ශාරුක් ඔවුන් සමග ගත් සෙල්ෆි ඡායා රූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් සටහන් කර ඇත්තේ “මගේ ජීවිතයේ වීරයන් හමුවුණා” යන්නයි.

මේ දිනවල ආදායම් අතින් සාර්ථක විය හැකි චිත්‍රපටයකට පණ පෙවීමේ අපේක්ෂාවෙන් පසුවන බව සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පවසයි.

ඔහු සඳහන් කළේ, මේ දිනවල සිය මීලඟ චිත්‍රපටයට යොදා ගත හැකි තිරපිටපත් කිහිපයක් අධ්‍යයනය කරමින් සිටින බව ය.

ශාරුක් ඛාන් මීට පෙර අවසන් වරට රංගනයෙන් දායක වූ සීරෝ චිත්‍රපටය විචාරක විවේචනයට ලක් වූ අතර එය ආදායම් වාර්තා ඉපැයීමට ද සමත් නොවීය.ඔහුත් සමග මේ චිත්‍රපටයේ රංගනයෙන් එක්වූයේ කත්‍රීනා කායිෆ් සහ අනුෂ්කා ෂර්මාය.

( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.

RECOMMEND POSTS