කත්‍රිනාට සුබ උපන් දිනයක්



බොලිවුඞ් සුරූපිනියක පමණක් නොව, බොලිවුඞ් සුරූපිනියන් අතර සිටින මනා ශරීර සෞඛ්‍යයකින් හෙබි නිළියක ලෙස කාගේත් ආදරයට ලක් වුණු කත්‍රිනා කයිෆ් අද (16) 36 වැනි උපන් දිනය සමරයි.

උපන් දිනය සමරමින්, කත්‍රිනා  මේ වනවිට සිටින්නේ මෙක්සිකෝවේය. මෙක්සිකෝවේ සුන්දර වෙරළ තීරයක නිවාඩු ගත කරන කත්‍රිනාගේ සරාගී ඡායාරූප මේ වනවිට සමාජ ජාල ඔස්සේත් ඉන්දීය මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.

‘උපන් දිනය කියන්නේ මට සුවිශේෂී දිනයක්. පවුලේ අය සමඟත් යහළු යෙහෙළියන් සමඟත් විනෝදෙන් නිදහසේ ඉන්න පුළුවන් දවසක්’ යැයි කත්‍රිනා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

කත්‍රිනා කයිෆ් යනු බොලිවුඞ් සිනමාවට පිවිසි ඉංග්‍රීසි නිළියකි. ඇය උපත ලබා ඇත්තේ හොංකොං හිදිය. අද වනවිට ඉන්දියාවේ ලොකුම මුදලක් ලබන නිළියන් අතර කත්‍රිනා ද සිටී.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS