එස්.එස්. රාජ්මෝලිටත් කොරෝනා



2015 සහ 2017 වසරවලදී ‘බාහුබලී’ චිත්‍රපට ද්විත්වයත්, 2012 දී ‘මැස්සාගේ පළිගැනීම’ හෙවත් ‘ඒගා’ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළ ඉන්දීය සිනමාකරු එස්.එස්. රාජ්මෝලි කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත.

තමා පමණක් නොව තම පවුලේ අය ද කොරෝනා වයිරස ආසාදිතයන් යැයි වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බව රාජ්මෝලි ට්විටර් ඔස්සේ පවසා තිබේ.

‘පසුගිය දින කීපයේ මටත් පවුලේ අනෙක් සාමාජිකයන්ටත් උණ තිබුණා. අප කොරෝනා පරීක්ෂණවලට යොමුවුණා. අද (30) උදේ පරීක්ෂණ වාර්තා ලැබුණා. ඒ අනුව අපට කොරෝනා බව තහවුරු වුණා’ යැයි එස්.එස්. රාජ්මෝලිගේ ට්විටර් ගිණුමේ සඳහන් වෙයි.

වෛද්‍ය උපදෙස් අනුව 46 හැවිරිදි රාජ්මෝලි සහ පවුලේ අය නිවසට වී නිරෝධායනයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS