එලිසබත් මහ රැජින තනිවම පැළයක් සිටුවයි



කේම්බි‍්‍රජ්හි බි‍්‍රතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ සියවස් සැමරුම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයට ප‍්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ 93 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැුජින කාගේවත් උදව්වක් නොමැතිව තනිවම පැළයක් රෝපණය කළාය.

මහ රැජිනගේ මෙම කි‍්‍රයාව ලොව කාගේත් අවදානයට ලක්වී තිබේ. රැුජින පැළය රෝපණය කරන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ ජාල ඔස්සේත් ප‍්‍රසිද්ධියට පත් වී අවසන්ය.

සියවස් සැමරුමට මහ රැුජින පැමිණි අවස්ථාවේදී, පැළයක් රෝපණයට සියල්ල සූදානම් කර තිබුණි. පැළයක් රෝපණයක් කරන්න කැමැතිදැයි බි‍්‍රතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ ප‍්‍රධානී ජිහ් ගොඞ්ෆ‍්‍රී රැුජිනගෙන් විමසීය. ඒ සඳහා සහාය වීමට රැජිනගේ සහායකයන් පමණක් නොව බි‍්‍රතාන්‍ය ජාතික කෘෂිකර්ම ආයතනයේ නිලධාරීන්හු ද ඉදිරිපත් වූහ.

‘එපා මට උදවු  ඕනෑ නැහැ. තවමත් මට පැළයක් සිටවන්න පුළුවන්’ යැයි සිනාමුසු මුහුණින් උදව් ප‍්‍රතික්ෂේප කළ මහ රැුජින තම අත් බෑගය සහායිකාවට දී, පැලය රෝපණය කළ ෂවල ගෙන ඊට පස් දැමුවාය. මහ රැුජින විසින් රෝපණය කරනු ලැබුවේ හොර්න්බීම් වර්ගයේ ගසකි.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS