ඉන්දීය පාර්ලිමේන්තුවට ගිය බෙංගාලි නිළියෝ දෙන්නා



 
ඉන්දීය මහ මැතිවරණයට නළු නිළයෝ රැසක් ද සහභාගී වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකුට ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබුණි.
 
ඒ අතරින්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැතිනී මම්තා බෙනර්ජීගේ ත්‍රිණමූල කොංග්‍රස් දේශපාලන පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ​බෙංගාලි සිනමා සහ රූපවාහිනී නිළියන් දෙදෙනකු කැපී පෙනෙයි.
 
30 හැවිරිදි මීමී චක්‍රබෝර්ති සහ 29 හැවිරිදි නුසාරත් ජෙහාන් ඔවුන් දෙදෙනාය. මොවුන් දෙදෙනා ද මේ වනවිට නවදිල්ලි අගනුවරට පැමිණ සිටින අතර, දෙදෙනාගේ සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූප බොහෝ දෙනාගේ අවදානයට ලක් විය. එම ඡායාරූප සම්බන්ධයෙන් විවේචන පවා ලැබෙන්න විය.
 
‘ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක්සභාවට යනවා නම් විනීත ඇඳුමින් විනීත අයුරින් යන්න ඕනෑ.’ යැයි බොහෝ දෙනකු මීමී චක්‍රබෝර්ති සහ නුසාරත් ජෙහාන් ට ඔවදන් දී ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
 
‘ඇඳුම් ගැන කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපට වැදගත් අපේ ජයග්‍රහණයයි. බෙංගාල වැසියන් අපට ඡන්දය දුන්නා. අපි අපේ ආසන වෙනුවෙන් පමණක් නො​ව, සමස්ත ඉන්දියානුවන් වෙනුවෙන් කැපවී සේවය ලබා දෙනවා. එයයි අපේ අරමුණ’ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජෙහාන් පවසා ඇත.
 
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

RECOMMEND POSTS